විවිධ

Powered by Blogger.

Wednesday, January 26, 2011

පහුර තියෙන්නෙ එගොඩ වෙන්න විතරයි...

සර්පයා (කේ කේ සමන් කුමාර) මෙහෙම කතාවක් කියනවා....
භාෂාව කියන්නේ පහුරක්..
ඒ පහුරෙන් අපි ගඟෙන් එගොඩ වෙනවා..
ඒත් ගඟෙන් එගොඩ වුනාට පස්සේ 
අපි ඒ පහුර කරතියාගෙන යන්න උවමනාවක් නෑ....
ඉතිහාසඥයින්ට අනුව නම් සිංහල අකුර හැදිලා තියෙන්නේ බ්‍රාහ්මී අක්ෂර පරිණාමය වෙලා. ඉතින් බ්‍රාහ්මී අකුර දැන් තියෙන අකුර වෙනකම් ගමනක් ආවා නම් දැන් තියෙන අකුරට ඉදිරියක් තියෙන්න බැරි ඇයි. අපි මෙතන නවතින්නද හදන්නේ.. මම නම් කියන්නේ භාෂාව යනු හුදෙක් අදහස් ප්‍රකාශ කිරීමේ මාධ්‍යයක් විතරයි.. ඒක අපි කරේ තියාගෙන යන්න ඕනි නෑ. ගඟෙන් එගොඩ වෙන්න තිබුනොත් ඇති. භාෂාව කියන එකත් නව අදහස් ප්‍රවණතා වලට දොර ඇරියානම් හොඳයි වගේ...

Sunday, January 23, 2011

""""තවුස්දම"""""



හිරු ගිලුණු නිශායම
නුබ රුවින් මුසපත්ව
දැහැන්ගත වී හිඳී
නිසොල්මන්ව....

සෙනෙහසට නොකැළඹුණ
මා සිතේ තවුස්දම
බිඳේවිද ඒ රුවට
මුවාවෙන්.....

ඉර හැරෙන ගොම්මනේ
සැදෑ තරු වියන මැද
නුඹ හිදී මා නෙතට
මුවා වී....

හිත පිරෙන සෙනෙහසට
නුඹ නගන මුදු සිනා
මා සිතේ තනිකමත්
මකාවී....


http://manubloggers.blogspot.com/2011/01/blog-post_22.html

Wednesday, January 19, 2011

නිර්-ආගමිකයන් පොර වීම.


අවුරුදු සියයකට හමාරකට පෙර “නිර්-ආගමිකයන්” යනු සුලුතරයක් පමනක් නෙවෙයි, ප්‍රධාන සමාජ දහරාවෙන් පිටමන් කරනු ලැබු කොන් කරනු ලැබූ පිරිසක්. සමහර විට නිර්-ආගමිකයන් වීම නිසා ජීවිතයෙන් වන්දිගෙවීමට පවා සිදු වුනා. වර්තමානයේදී නිර්-ආගමිකත්වය එතරම් ප්‍රති විරෝධයක් ඇති නොකරන, ඇතැම් ජනසමූහ වල ප්‍රධාන දැක්ම බවට පත්වු එකක්.

වැඩි කතන්දර මෙතැනින් -
Dawkins's dodo|ඩෝකින්ස්ගෙ ඩෝඩෝ

Saturday, January 15, 2011

විකී ඉස්පෙෂල් රොටී....

මේ දුරුත්තේ
නොකල් හීතල අන්තරස්දාන වෙංට
උණුවෙන් හදාපු යස රොටියක රහ බලන්ට
ගොඩවෙන්ට කිව්වා එහෙනම්
අවවාදයයි: කාල අහක්වෙල කට කහන්ට ගත්තෝතින් වග කියනු නොලැබේ...

Saturday, January 8, 2011

මගේ වාරය එන තූරා


උදේ ඉදන් හවස් වෙන තුරා
මේ පීලි මතින් 
දුවන යකඩ ගොඩට වඩා 
මගේ මල්ලියා 
කොච්චර බරද......

මහ පාරෙ මේකව 
වඩන් 
තැනින් තැනට 
අත පපා යන කොට 
"අනේ පව් අසරණී"
එකෙකුගෙ 
මුවින් බිනෙන විට
"පල යන්න අහකට"
සියයක් මුවින් බිනෙයි.....

යන්තම් වේල 
 ගැටගහගත්තට 
මල්ලිට ඇන්කර්, නෙස්ප්‍රේ 
අරන් දෙන්න 
මට සල්ලි නෑ 
ඒ අසරණය ඒව දැකල 
නැති නිසා ඉල්ලලා 
වද දෙන්නෙත් නෑ 

යන්තම් මාසයක් දෙකක් 
අම්මගෙ දෙතනෙන් 
කිරි බීපු ඒකට 
අධිපෝසනේද 
මන්දපෝසනේද 
මම දන් නෑ 

මේ පීලි මත දුවන 
යකඩ ගොඩේ උදව්වෙන් 
පීලි මතම මියැදෙන 
දහසක් උන් අතර 
මමද මගේ වාරය 
එන තූරා 
බලා සිටින්නෙමි 
දෑස් අයා

ඒත් උඹවත් අරන් 
යන්නේ කෝම......?

Sunday, January 2, 2011

ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරන්නට අපේ දායකත්වය....!


"ඉන්දියන් සාගරයේ මුතු ඇටය" පුංචි කාලේ ඉදන් අපි දන්නේ එහෙම.
මේ රට මගේ රට - මා ඉපදුණු රට
හැදුණු වැඩුණු රට - මගේම මව් රට....
1996 දී අපට ක්‍රිකට් ලෝක කුසලානය හම්බවෙද්දී, සුසන්තිකා ඔලිම්පික් පදක්කමක් දිනද්දී අපි කොච්චරනම් සතුටු වුණාද.අපි ඒ ජයග්‍රහණ ගැන ආඩම්බර වුණාද..? ඒ මේ පුංචි රට ලෝකයට අභියෝග කරපු නිසා.අපි අපේ රටට ගොඩක් ආදරේ හින්දා.

අපිටත් පුළුවන්නම් අපේ රටට කීර්තියක් ගෙනත් දෙන්න.ඒක කොයි තරම් වටිනවද..?ඇත්තටම ඔව්...! දැන් අපිටත් අපේ රටේ අනාගතය වෙනුවෙන් වැඩ කරන්නට කාලය ඇවිල්ලා.මේ පුංචි ශ්‍රී ලංකාව දිහා අද මුලු ලෝකටම බලා ගෙන ඉන්නවා.ඒ අපේ රට තුළ ඇතිවන සීග්‍ර සංවර්ධන ක්‍රියාවලිය දිහා.ඉතිං ශ්‍රී ලංකාව ලෝක සිතියමේ ඉහළ තැනකට ගේන්න අළුත් සංකල්පයක් බිහිවෙලා.
"ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කරමු...!"

වින්දනාත්මක

සාහිත්‍ය

සමාජ/කාලීන

දේශපාලන

Followers

අපිව කියවන අය